වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා එම ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නැගු චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවසන් වනතුරු එම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ලබාදී ඇති උපදෙස් මතය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ (05) සහන් කර සිටියේ, ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදුකළ ගනුදෙනුවකදී ඇමතිවරයෙකු පගාවක් ලබාගෙන ඇති බවය. එහෙත් විපක්ෂනායකවරයා එලෙස පගාව ඉල්ලා ඇති ඇමතිවරයා කවුරුන්ද යන්න හෙළි කර සිටියේ නැත.
එම පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට ඇමති නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනය කර තිබේ.
2










