ට්විටර් සමාගමෙන් ඉන්දියානු රජයට අභීයෝගයක්

ට්විටර් සමාගමෙන් ඉන්දියානු රජයට අභීයෝගයක්

ඉන්දියානු රජය විසින් ඉන්දියාව තුළ Twitter සමාජමාධ්‍ය ජාලයේ අන්තර්ගතය වෙනස් කිරීමට නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් Twitter සමාගම නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව වාර්ථා වේ.

Twitter ආයතනය විසින් කර්ණාටක මහ අධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති අතර එහි ඇති කරුණු කිහිපයකටම රජය එකඟතාවය පලකර නැති බව BBC පුවත් සේවය වාර්ථා කරයි.

ඉන්දියාව තුළ පමණක් Twitter පරිශීලකයින් මිලියන 24ක් පමන සිටින බවද වාර්ථා වේ.

Twitter සමාගම විසින් එම පෙත්සම ගොනුකර පැයකට පමන පසුව කර්ණාටක ප්‍රාන්ත ඇමති රජිව් චන්ද්‍රසේකර් ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ, සියලුම අන්තර්ජාතික අන්තර්ජාල සේවා ඉන්දියානු රජයේ නීති රීතීන්වලට යටත් විය යුතු බවය.

Facebook
Twitter
LinkedIn