අගමැති මෙන්ම මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමති රනිල් වික්‍රමසිංහ වහාම මුදල් ඇමති ධුයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු රටට ඩොලර් ගෙන ඒමට ඇති මාර්ග අහුරමින් සිටින බවත් ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරා හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා රට ව්‍යසනයකට ගමන් කරවීමට සැලසුම් සකස් කර ඇති බවත් වත්මන් ඩොලර් අර්බුදය විසඳීමට මුදල් ඇමතිවරයාට කිසිදු සැලැස්මක් නොමැති බවයි ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අභියෝග ඩොලර් අර්බුදය සමඟ සම්බන්ධ වී ඇති බවත් ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, පවතින ණය මාර්ග සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධ සියලු කරුණු මුදල් ඇමැතිවරයා ප්‍රමාද කර ඇති බවයි ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.
තමන් අගමැති රනිල් වික්‍රමසිංහ සමග ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී අභියෝගයක්ද සිදු කළේය.










