රට අර්බුදයෙන් මුදාගැනීමට ඇති බාධාව රාජපක්ෂ පවුලයි – කාදිනල් හිමියෝ කියති

රට අර්බුදයෙන් මුදාගැනීමට ඇති බාධාව රාජපක්ෂ පවුලයි – කාදිනල් හිමියෝ කියති

ශ්‍රී ලංකාව පෙර කිසි කලක නොවු විරූ ලෙස ආර්ථිකව බංකොලොත් තත්වයට පත්වී තිබීමට හේතුව, ජනාධිපති සහ ආණ්ඩුව පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ගන්නා ලද අදූරදර්ශි සහ අත්තනොමතික තීරණ බව ඔවුන් පිළිගතයුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අද (05) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

“මෙම අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව සමස්ත රටවැසියා තුළ පවතින දැඩි අවිශ්වාසයත් අප්‍රසාදයත් මධ්‍යයේ රාජපක්ෂ පවුල තවමත් රැදී සිටීමය. දේශපාලන බලය රැක ගැනීම විනා ඉන් ජනතාවට සේවයක් කිරීමට ඔවුන්ට ලැබුණු සෑම අවස්ථාවක්ම ඔවුන් නින්දිත ලෙස පැහැරහැර තිබීමෙන් ඔවුන්ගේ සමස්ත වැඩපිළිවෙල දේශපාලන කූඨෝපායක් බව ජනතාවට හොදින් අවබෝද වී ඇතියි…”ද උන්වසන්සේගේ අත්සනින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn