නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 220/- ලෙස සහ රතු කැකුළු සහ සුදු කැකුළු උපරිම සිල්ලර මිල රුපියල් 210/-ක් ලෙසට ආණ්ඩුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ ද එම මිලට සහල් නොමැති බව මහ බැංකු නිල ලේඛණවලින් තහවුරුවී තිබේ.
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණෙන විට වෙළඳපොලේ සහල් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 85.00 – 90.00 අතර මිලක පැවතිනි. ඉන් පසුව ගෙවී ගිය කාලය තුළ උපරිම සහල් මිල සම්බන්ධයෙන් වාර්තාගත ගැසට් ප්‍රමාණයක් නිකුත් කරනු ලැබීය. එහෙත් මේ වනවිට තනිකරම සහල් මාෆියාව විසින් හිතුමතයේ මිල තීරණය කරමින් සිටී.
එම තත්වය තහවුරු කෙරෙන මහ බැංකු නිල ලේඛණවලට අනුව සාමාන්‍ය මිල රුපියල් 260/- ඉක්මවා තිබුණු බව නිල වශයෙන් තහවුරු කර තිබේ. මේ අතර මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ආණ්ඩුව ගැසට් මගින් නියම කරන මිල ගණන්වලට මහා පරිමාණ සහල් මෝල් හිමියන් සැපයීම් කළ යුතු බවය.











