අද (ජූලි 05) හෝ හෙට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට යවන ලද ලිපිය හේතුකොට ගෙන පොලිස්පතිට විශ්‍රාම යාමට සිදුවනු ඇති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ එම තොරතුර තහවුරු නොකරන ලද්දක් බවය. පොලිස්පති විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ ප්‍රහාරයකට ලක්විය හැකි බවය.
පොලිස්පතිගේ මෙම ලිඛිත ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි ප්‍රතිචාර දැක්වූ අතර ඉන් පසුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් අදාළ තොරතුරු තහවුරු නොකළ ඒවා බවට ප්‍රකාශ කරනු ලැබීය. මෙම පරස්පර විරෝධී තත්වය පොලිස්පතිවරයාට ඉක්මනින්ම විශ්‍රාම යාමේ පූර්ව ලකුණක් වනු ඇති බවට එම ආරංචි මාර්ග සටහන් කරයි.










