ජොන්ස්ටන්ගේ මැරයන්ට විරුද්ධව නිකවැරටිය ලංගම සේවකයෝ වර්ජනයක

ජොන්ස්ටන්ගේ මැරයන්ට විරුද්ධව නිකවැරටිය ලංගම සේවකයෝ වර්ජනයක

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මැර ගෝලයෙකු වන සැලුන් ප්‍රියන්ත නැමැත්තා පසුගිය 30 වනදා රාත්‍රී 8.00ට පමණ රස්නායකපුර – කුරුණෑගල ලංගම බස් රථය තුළදී තරුණියකට අතවර කිරීමට තැත් කර ඇති අතර එය වැලැක්වීමට කටයුතු කර එම තරුණියව ආරක්ෂිතව රැගෙන ගිය රිය සහායකයාට පහරදුන් එම මැරයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව නිකවැරටිය ලංගම ඩිපෝ සේවකයෝ අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

මෙයට පෙරද ඩිපෝ සේවකයින් විසින් වර්ජනයක් ආරම්භ කර ඇති අතර එහිදී මෙම මැරයා අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය ඩිපෝ සේවකයන්ට ලබාදී ඇති පොරොන්දුවක් මත එම වර්ජනය පැය කිහිපයකින් ආරම්භ කර ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් මෙලෙස අද යළි වර්ජනය ආරම්භ කර ඇත.

මෙම පහරදීමෙන් අසාධ්‍ය වූ ජනක බණ්ඩාර නම් රිය සහායකයා මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඩිපෝ සේවකයින් පවසන්නේ ගමනාන්තය තෙක් මගීන්ගේ ආරක්ෂාව බස් රථයේ රියදුරු සහ රිය සහායකයා සතුවන බැවින් මෙම මැරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්