බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීම සඳහා දින 5ක් පෝලිමක රැදී සිටි ටිපර් රථ රියදුරෙක් එම රථය තුලම මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටී 63 හැවිරිදි වීරප්පුලි සුනිල් නැමැති පුද්ගලයෙකු බව සදහන් වේ.
දින පහක් ටිපර් රථය ඩීසල් අපේක්ෂාවෙන් නවතා තිබී ඇති අතර, ඔහු ටිපර් රථය තුළදී මියගොස් සිටිනු දැක ඇති පුද්ගලයෙකු පොලීසිය දැනුවත් කර ඇතැයි පැවසේ.
1










