ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කපා හැරීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් විසින් සවිස්තරව ඉදිරිපත් කර තිබෙන ලේඛනය මගින් නාස්තිකාර වියදම් ගණනාවක් හෙළිදරව් කර ඇත.
මෙම වියදම් අතර මූලිකවම තිබෙන්නේ ආරක්ෂක මූලස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් මෙම වසර සඳහා වෙන් කර තිබෙන රුපියල් කෝටි 1200ක අති විශාල මුදලය. එයින් රුපියල් කෝටි 500ක් කපා හැරීමට නිර්දේශ කර තිබේ. ඊට අමතරව ජාතික ආරක්ශාව ශක්තිමත් කිරීම සඳහා නවීන තාක්ශන හා යටිතල පහසුකම් සඳහා වෙන් කරණ ලඳ රුපියල් එකොලොස් කෝටි දාසය ලක්ෂයක (රු. 111,600,000) මුදල මුළු මුනින්ම කපා හැරීමට නිර්දේශ කර ඇත.
කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලය සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කර ඇති රුපියල් කොටි 05ක මුදලින් කොටි 02ක් කපාහැරීමට මෙන්ම එම විශ්වවිද්‍යලයේ ශික්ෂණ රෝහලට වෙන්කර ඇති කොටි 05ක මුදලින් කෝටි 04ක් කපා හැරීමට නිර්දේශ කර තිබේ.
මෙම කපාහැරීම් සිදුකර තිබෙන්නේ අත්‍යාවශ මුදල් වෙන් කිරීමේ ප්‍රමුඛතාවයට යටත්වය. අයවැය මගින් වැය ශීර්ෂ අංක අනුව වෙන් කර තිබෙන මුදල් එකිනෙක කපාහරින ලද ප්‍රමාණයන් මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා පැහැදිලිව දක්වා තිබේ. ගෝටාබය රාජපක්ෂගේ පූර්ණ මෙහෙයවීම යටතේ ආරක්ෂක සේනා මූලස්තානය බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකිරීම ආරම්භ කර වසර 10ටත් වැඩි කාලයක් ගත වී ඇති අතර මෙම වර්ශය සඳහාද ඒ වෙනුවෙන් රුපියල් කොටි 1200ක් බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අයවැය තුළින් වෙන්කර තිබිණ.










