බනිස් ගෙඩියත් සීය පන්නයි

බනිස් ගෙඩියත් සීය පන්නයි

වැට් බද්ද හේතුවෙන් පාන් හැර සෑම බේකරි නිෂ්පාදනයකම මිල රුපියල් 12ත් 15ත් අතර මිලකින් වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ඒ අනුව සීනි බනිස් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා යනු ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසයි.

බේකරි කර්මාන්තය සඳහා යොදා ගන්නා සියලුම අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඒ සඳහා වැට් බදු ගෙවන බවත් යළිත් බේකරි නිෂ්පාදන සඳහාද වැට් බදු ගෙවීමට සිදුවීම අසාධාරණ හා බේකරි හිමියන්ට දරා ගත නොහැකියි බවත් ඔහු පවසයි.

ආණ්ඩුවෙන් කිසිදු සහනයක් නොලැබීම සහ රටේ පවතින ආර්ථික ගැටලු නිසා 7000ක් පමණ වන බේකරිවලින් 2000ක් පමණ බේකරි දැනටමත් වැසි ඇති බව පවසන ඔහු බේකරි නිෂ්පාදනය හා අලෙවියද 50%කින් පමණ අඩුවී ඇතැයිද වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්