ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඉවතට !

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඉවතට !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග එම තනතුරෙන් ඉවත්වීමට සූදානම් වන බව පවුලේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

මෙයට ආසන්නම හේතුව වී ඇත්තේ දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අත්හිටුවීමයි. ගෝඨාභය රාජපක්ෂ අත්තනෝමතිකව ගනුලබන ක්‍රියාමාර්ග නිසා විවිධ ක්ෂේත්‍රවල සිටින ජනාධිපති උපදේශකවරුන් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. එයින් ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග වඩාත්ම පීඩනයකට ලක්ව සිටින බව එම පවුලේ ආරංචි මාර්ගවලින් හෙළිවේ.

මෙම තත්වය යටතේ ලලිත් වීරතුංග ඇතුළු කිහිපදෙනෙකු ඉතා ඉක්මනින් තනතුරු අත්හැර යනු ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn