යුධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගනිමින් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (31) කළ සමුගැනීමේ කතාව සම්බන්දයෙන් ගොටාබය රාජපක්ෂ ප්‍රමුක රාජපක්ෂ පවුල දැඩි ලෙස කැලඹී ඇති බව අනාවරණය වේ.
ඔහු විශ්‍රාම ගැනීමේ කතාවේදී කර තිබෙන ආන්දෝලනාත්මක කරුනූ පහත දැක්වේ.
“මගේ සේවා කාලය තුළ කිසි විටෙකත් සැක සහිත හැසිරීම්, නැමෙන සුලු පෞර්ශයන් හෝ අවිනිශ්චිත භාවයන් කිසිදා තිබුනේ නැහැ. යුධ හමුදාපතිවරයා වශයෙන් අභියෝගාත්මක අවස්තාවලදී රටේ ජනතාව අපෙන් බලාපොරොත්තුවන සේවය ලබාදීටම හෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ අභිමානය සහ ප්‍රතිරූපය කිසිවිටෙකත් පලුදු කිරීමට මා ඉඩ තැබුවේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
මේ තුළ ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ පෞර්ශය බිඳගත් බොහෝ ක්‍රියාකාරීත්වය පිලිබඳ විවිධා කාරයෙන් හෙලි කෙරී ඇති බවට මතයක් සමාජ ගත වෙමින් පවතී. විශේෂයෙන්ම ගෝටාබය යුද හමුදාවෙන් ඉවත්වී ඇමරිකාවට පලා යාම සම්බන්ධයෙන් යලි ආවර්ජනය වී ඇති බව සමාජ මාධ්‍යවල පලකර තිබේ.










