උඩරට සහ පහතරට එළවළු මිල මේ වනවිට 70%කින් ඉහළ නැග ඇතැයි සමස්ත ලංකා විශේෂිත ආරථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳපොල සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ඊයේ (20) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.
දරාගත නොහැකි අන්දමින් පොහොර මිල ඉහළ නැගීම හා ඉන්ධන අර්බුධය හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇතිවීම ඇතුළු තවත් ගැටළු රැසක් ඉන්ධන මිල ඉහළ යාමට හේතු වී ඇතැයිද ඒ මහතා පැවසීය.
පවතින තත්වය හමුවේ තක්කාලි කිලෝවක් 600ත් 700ත් අතර මිලකටත්, බෝංචි කිලෝවක් රුපියල් 500ත් 550ත් අතර මිලකටත්, අමුමිරිස් කිලෝවක් රුපියල් 650ත් 700ත් අතර මිලකටත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 480ත් 500ත් අතර මිලකටත්, කැරට් කිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකටත්, බීට් රූට් කිලෝවක් රුපියල් 160ත් 190ත් අතර මිලකටත් අලෙවි වන බව ඔහු සඳහන් කරයි.
පවතින තත්වය හමුවේ තවත් මාසයක් යනවිට දැඩි එළවළු හිඟයක් ඇතිවන බවද ඔහු පැවසීය.










