අරුන්දිකගේ ගුවන් හමුදා කතාව පට්ට කෙබරයක්!

අරුන්දිකගේ ගුවන් හමුදා කතාව පට්ට කෙබරයක්!

පොහොට්ටුව පක්ෂයේ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු තමන් ගුවන් හමුදාවේ සේවය කළා යැයි සිදුකළ ප්‍රකාශය ආසත්‍යයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවෙකු හෝ කැඩෙට් නිළධාරියෙකු ලෙස හෝ කිසිදු දිනක සේවය කර නැතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පවසයි.

“අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නියමු පාඨමාලා තොරාගැනීමේ පරික්ෂණයට ඉදිරිපත් වී එය අසමත් වූ අයෙක්” ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ වැඩිදුරටත් පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදි අදහස් දැක්වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මැයි 09 සිදුවීමෙදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තමන්ගේ පියාසර ලොග් සටහන් ඇතුලු වටිනා ලියකියවිලි විනාශ වූ බව පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්