අප්‍රේල් 03 ගැන ජවිපෙන් නිවේදනයක්

අප්‍රේල් 03 ගැන ජවිපෙන් නිවේදනයක්

කිසිවෙකු වගකීම බාර නොගන්නා අප්‍රේල් 03 විරෝධතාවය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ව්‍යාජ ප්‍රචාර දියත් කර තිබීම සම්බන්ධයෙන් එම පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පමත පළ කරේ.

රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.

සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.

එසේම ස්වයංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.
ජනතා විමුක්ති පෙරමුණ
2022 මාර්තු 31

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්