විදුලි කප්පාදු කාලය තව දුරටත් දීර්ඝ කිරීම නිසා මේ වන විට රට පුරා ඉටිපන්දම් සහ ටෝච් බැටරි හිඟයක් මතුවෙමින් තිබෙන අතර භූමිතෙල් හිඟය තව දුරටත් උග්‍ර වී ඇති බව වාර්තා වේ.
මේ වන විට එදිනෙදා කටයුතු වලට අවශ්‍ය සියලුම භාන්ඩ වල මිල ගණන් වේගයෙන් ඉහල යමින් පවතින පසුබිමක විදුලි කප්පාදුව නිසා ඇතැම් භාන්ඩවලට මෙතෙක් නොතිබූ විශාල ඉල්ලුමක් ක්ෂණිකව නිර්මාණය වී ඇත. ඉටිපන්දම් හා ටෝච් බැටරි ඒ අතරින් ප්‍රමුඛ වී තිබේ.
මේ නිසා ඇති වූ තත්වය මත පොත් අලෙවිසැල්, පුවත්පත් නියෝජිත ආයතන සහ ඔසුසැල් කරා ද පාරිභොගිකයින් ඇදී යමින් සිටින බව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා ලැබෙමින් පවතී.
3










