අධිකරණය වරෙන්තු ලබා සිටි තීනියාවල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට පත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණයට අපහාහ කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගියදා විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.
ඊට අමතරව ඒ හිමියන්ට විදේශ ගතවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබිණි.
මෙලෙස වරෙන්තු නිකුත්ව තිබියදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියදීය.
එහිදී අත්අඩංගුවට ගත් ඥානසාර හිමිය ඊයේ රාත්‍රියේදීම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන එනු ලැබීය.
41










