පොලිසියටත් වෙඩි… පොලිසියෙනුත් වෙඩි… ඝාතනයකට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට…

පොලිසියටත් වෙඩි… පොලිසියෙනුත් වෙඩි… ඝාතනයකට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට…

කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේදී ඝාතනයකට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට පොලිසිය විසින් අද (03) පස්වරුවේ වෙඩි තබා තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර ඇතැයිද අනෙක් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇතියිද පොලිසිය පවසයි.

පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ, `ලොකු පැටී’ගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු විසින් කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ අයෙකු ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවට සැක කරන බවය.

එහිදී වෙඩික්කරු පොලිසියට හසුවීමෙන් පසු පලායාමට උත්සාහා දැරීමේදී පොලිසිය දෙසට වෙඩි තබා ඇති බවත් එම අවස්ථාවේ පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන් මෙම පුද්ගලයා තුවාල ලබා ඇති බවත් පැවසේ

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ, ඒ බව ලැබී ඇති ඔත්තුවක් අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය විසින් සිදුකළ වැටලීමකදීය.

මෙහිදී වෙඩික්කරුවන් සතුව තිබී ගිනි අවි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින `ලොකු පැටී’ නැමැති අපරාධකරුගේ සහෝදරයා වන `පොඩි පැටී’ නැමැත්තා පසුගිය 01 වැනි දින වෙඩි තබා ඝාතනය කෙරුණේ අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදීය.

ඝාතනයට පැමිණි වෙඩික්කරු පාගමනින් පැමිණ එම වෙඩි ප්‍රහාරය `පොඩි පැටී’ නැමැත්තා ඉලක්ක කර නැවත පාගමනින්ම පලාගොස් තිබිණි.

පොලිසිය පැවසුවේ මෙම වෙඩි ප්‍රහාරයයට පළි ගැනීමේ අරමුණින් `ලොකු පැටී’ පාර්ශ්වය විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇති බවට සැක කරන බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්