සෙක්කුව ලඟ ඉඳගෙන චොකලට් කෑවත් දැකපු අය හිතන්නේ කෑවේ පුන්නක්කු කියලා යැයි පැවති ආණ්ඩු ගණනාවක ඇමති ධුරවල කටයුතු කළ බණ්දුල ගුණවර්ධන සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
ඔහු මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත්තේ සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමෙන්, 59.5%ක අයුතු ලාභ ලබා ගැනීම පිළිබඳව ඇති පැමිණිල්ලක විමර්ශනයකට අදාළවය.
575









