පසුගිය කාලය පුරාම ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයත් එහි නායකයින් ඉලක්ක කර ගනිමින් සම්පූර්ණයෙන් අසත්‍ය මෙන්ම විකෘති කරන ලද පෝස්ට්, පෝස්ටර් සමාජ ජාලාවලින් බෙදා හරින ලද ආණ්ඩුවේ ඉහලම ප්‍රචාරක ආයතනයකින් අප්‍රේල් 03 වෙනි දින විරෝධතාවය වෙනුවෙන් ද විශාල ප්‍රචාරයක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
සමාජ ජාලාවලට අමතරව නගර පුරා පෝස්ටර් ඇලවීමට ද සූදානම් කර ඇති බව අනාවරණය වේ. 2014 ජනාධිපතිවරණය, 2015 පාර්ලිමේන්තු මැතිවරණය, 2018 පළාත් පාලන මැතිවරණය සහ පාස්කු ප්‍රහාරයෙන් පසුව විශාල වශයෙන් විවිධ ප්‍රචාරයන් දියත් කිරීම, සහ 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් රට පුරා විවිධ ප්‍රචාරක කටයුතු මෙම මඩ බලකාය විසින් මෙයට පෙර දියත් කර තිබුණු බව වැඩි දුරටත් හෙළිවේ.
ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින අභිත එදිරිසිංහ නැමැත්තා ද #GoGota – කුරුණෑගල නමිත් ආරම්භ කර ඇති වට්ස්ඇප් සමූහයක +94714449162 මොබිටෙල් දුරකතනයෙන් ජාතික ජන බලවේගයේ නමිත් ව්‍යාජ පෝස්ට් එකක් ප්‍රචාරය කිරීම තුළින් මේ තොරතුරු වැඩිදුරටත් තහවුරු වේ.

එම මඩ බලකාය මේ වනවිට දියත් කර තිබෙන මඩ පෝස්ට් කිහිපයක් පහත පළවේ.











