චොකා මල්ලිත් නිදහස්

චොකා මල්ලිත් නිදහස්

පැල්මඩුල්ලේදී පැවැත්වූ මෛත්‍රිපාල සිරිිසේන ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන රැළියකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාග කිරීමෙන් පසුව නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරනය අද (31) නියෝග කළේය.

මොහු ඇතුළු තවත් දෙදෙනෙකුද අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇත. ප්‍රෙමලාල් ජයසේකර හට මරණීය දණ්ඩනය නියමකර තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකු වශයෙන් තේරී පත්වූ අතර ඔහුට පාර්ලිමේන්තු සභාවාර සඳහා සහභාගීවීමේ අවස්ථාව ද ලබාදී තිබිණි.
අභියාචනාධිකරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබූ පෙත්සම් රැසක්ද සලකා බලා ඉල්ලා තිබූ සහන ලබාදීමට නියෝග කර තිබුණු අතර ජනාධිපති අපේක්ෂ ලෙස ඉදිරිපත්වී මේ වෙන විට ජනාධිපති මුක්තිය යටතේ අධිකරණ නඩුවලින් නිදහස්වී සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්