ඇවන්ට්ගාඩ් තවත් ජාවාරමක

ඇවන්ට්ගාඩ් තවත් ජාවාරමක

ඇවන්ට්ගාඩ් සමාගම විසින් අප්‍රකට මෑන් පවර් සේවාවක් පවත්වාගෙන යමින් සිටින අතර ඒ වෙනුවෙන් සිරකරුවන් යොදා ගන්නා බව අනාවරණය වේ.

කොළඹ අවට ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු දෛනික කුලීකරුවන් සැපයීම මේ මගින් කරගෙන යනු ලැබේ. බන්ධනාගාර නියාමකවරුන්ගේ අධීක්ෂනය යටතේ තෝරා ගත් සිරකරුවන් මේ සඳහා යොදා ගෙන තිබේ. ඔවුන් එක් අයෙකු වෙනුවෙන් දවසකට රුපියල් 2,400/-ක මුදලක් සේවා ලාභියාගෙන් අය කරන අතර අදාළ සිරකරුවන් හට රුපියල් 400/- බැගින් ලබා දෙන බව වැඩිදුරටත් බන්ධනාගාර ආරංචිමාර්වලින් අනාවරණය වේ.
මෙසේ සිරුකරුවන් යෙදවීම නිසා නීත්‍යානුකූලව පවත්වාගෙන යන මෑන් පවර් සේවාවන් සියල්ලම බිඳවැටී ඇත. මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශයට සහ ආණ්ඩුවේ වෙනත් මැති ඇමතිවරුන්ට පැමිණිලි කළද කිසිදු පියවරක් ගෙන නොමැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්