අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු 18ක් ගැන පරීක්ෂණයක්

අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු 18ක් ගැන පරීක්ෂණයක්

අමාත්‍යාංශ 06ක ලේකම්වරුන් ලෙස පත් කෙරුණු 06 දෙනකුගේ සහ සංස්ථා, අධිකාරි හා කොමිෂන් සභා 12ක සභාපතිවරුන් ලෙස පත් කෙරුණු 12ස් දෙනෙකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සුදුසුකම් පරීක්ෂා කිරීමට භාජනය වන ආමාත්‍යාංශ ලේකම්වරු වනන්නේ,

  1. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල් බණ්ඩාරනායක,
  2. පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස් සමරදිවාකර,
  3. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ චන්ද්‍රගුප්ත,
  4. උක් බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී පාඩිකෝරල,
  5. ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ජී විජේසිරි,
  6. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.බී වීරසේකර.

මෙයට අමතරව සුදුසුකම් පරීක්ෂාවට ලක්කන අනෙකුත් 12 දෙනා වන්නේ,

  1. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, ජයන්ත ධර්මදාස,
  2. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති, ඩබ්ලිව්.පී.වී දයාරත්න,
  3. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපති ඒ.එච්.ඩබ්ලිව් අඹවත්ත,
  4. මහජන බැංකුවේ සභාපති වශයෙන් පත් කෙරුණු සුජීව රාජපක්ෂ,
  5. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති, ලලිත් පියුම් පෙරේරා,
  6. ධීවර සංස්ථාව සභාපති ස්ටෙෆාන් අබේසිංහ,
  7. ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ,
  8. සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සභාපති එන්.ටී.එන් විජේසේකර,
  9. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති මෙවන් ලසිත් සුබසිංහආරච්චි,
  10. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත,
  11. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජේ.කේ රත්නායක,
  12. සීමාසහිත ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ සභාපති අශෝක පතිරගේ.

මෙම පත් කිරීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම් ඒ සම්බන්ධයෙන් සකස් කෙරුණු ලිඛිත සංදේශ ලේකම්, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ හැකි බවද,

මෙයට අමතරව ලිඛිත සංදේශ 011-2777300 යන ෆැක්ස් අංකය මගින් හෝ highposts – c @ parliament.lk යන ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් හෝ එවිය හැකි බවද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්