රජයේ දෙපාර්තාමේන්තු සංස්ථා අධිකාරි ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදුන් රුපියල් 5000/-ක අමතර දීමනාව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කූට ආකාරයෙන් කපා හැර ඇති බව හෙළිවේ.
එම අධිකාරියේ කාර්ය මණ්ඩල සඳහා මෙම මාසයේ වැටුපට රුපියල් 5000/- දීමනාව ඇතුලත් කර නැති බවත් මේ සම්බන්ධයෙන් නැගුණු විරෝධය හමුවේ 24 වෙනි දින අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ. එහෙත් 25 වෙනි දිනට ලබාදිය යුතු වැටුප සමඟ එම දීමනාව ලබාදීම සිදු නොවන බව අනාවරණය වේ.
මෙම තත්වය ඇතිවී තිබෙන්නේ රාජ්‍ය ඇමති නාලකගොඩහේවාට සමීප ඉහල නිලධාරියෙකු මූල්‍ය කලමනාකරණ උපක්‍රමයක් යෙදීමෙන් බව කියවේ. මෙම මාසයේදී රුපියල් 5000/- දීමනාව නොගෙවීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගැනීම මූල්‍ය පරිපාලනයේදී මෙම මාසයට අදාළව සිදුකරන බව හෙළිවී තිබේ.
0










