වනසතුන්ගේ ජීවිතවලට හානි පමුණවන ආකාරයෙන් සහ විද්‍යාත්මක කරුණු පසෙකට දමා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් සිදුකරනු ලබන අලි අගක් කැපීමේ ව්‍යාපෘතිය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම අගල් ව්‍යාපෘතිය හරහා පස් සහ වැලි ජාවාරමක් ක්‍රියාත්මක බවද පාරිසරික යුක්ති කේන්ද්‍රය හෙළිදරව් කර සිටී.
මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැනීම් කැණීම් කාර්යාංශය ඇතුළු පිරිසක් නම් කර ඇත.
0










