මේ වනවිට ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලීමට සරිලන සැපයුමක් කළ නොහැකි බවත් මේ වනවිට සැපයිය හැක්කේ දෛනික ඉල්ලුමෙන් 50%ක් පමණක් බවත් බදු සහනය නොලැබුණහොත් ඩීසල් ලීටරයක් රුපියල් 52කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 19කින් ඉහළ දැමීමට සිදු වන බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.
මේ වනවිට කොළඹ වරායට පෙට්‍රල් නැවක් සහ ඩීසල් නැවක් පැමිණ ඇති බවත් ඩීසල් නැවට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 35ක මුදල මෙතෙක් සූදානම් කර ගත ගැකි වී නැති බැවින් එය ගොඩබාන දිනයක් කිව නොහැකි බවත් ඔහු පවසයි.
ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන මෙන් තමා මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව කළ ඉල්ලීම් ලිපිය පසුගිය සිකුරාදා භාර දුන් බවත් එමෙන්ම බදු සහනයක් ලබා දුනහොත් ඉන්ධන සුළු මිල වැඩි කිරීමක් සිදු කළ යුතු වන බව සඳහන් කරන ඇමති උදය ගම්මන්පිල වැඩිදුරටත් පවසන්නේ
“ඔය දෙකෙන් එකක්වත් නොවුණහොත් තෙල් ගේන්න සල්ලි නැති වෙන බව නම් මට ඉතාම විශ්වාසයෙන් කියන්න පුළුවන්.
බදු සහනය ලබා දුන්නොත් ඉන්ධන මිල වැඩි කිරීම ඉතා පොඩි ප්‍රමාණයකින් පමණක් කරන්න පුළුවන්. ඒ බදු සහනය නොලැබුණහොත් අපිට සිද්ධ වෙනවා ඩීසල් ලීටරයක් රුපියල් 52කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 19කින් ඉහළ දාන්න.”










