ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සෑහීමට පත්වන්නේ නැහැ – චමුදිත

ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සෑහීමට පත්වන්නේ නැහැ – චමුදිත

තමාගේ නිවෙසට එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසයි.

නිවෙසට පහරදීමේ සිද්ධිය සම්බන්ධ කාරණයක් ගැන විමසීමට තමා පොලිස්පතිවරයා දුරකථනයෙන් ඇමතීමට කීපවරක්ම උත්සාහ ගත්තත් ඔහු සම්බන්ධකර ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කරයි.

රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිදුවීම ගැන තවම පරීක්ෂණ පවත්වන්නේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් බව පැවසූ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, මෙම පරීක්ෂණය පොලීසියේ විශේෂ අංශයකට පැවරීමට පවා පොලිස්පතිවරයා කටයුතු කර නැතැයිද චෝදනා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු හෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද නිවෙසට පහරදීමේ සිද්ධියෙන් පසු තමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නැතැයිද මේ තත්වය යටතේ තමාගේ ජීවිතය තවදුරටත් අනතුරේ පවතින්නේ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි

Facebook
Twitter
LinkedIn