වීරවංශට එරෙහි අයතා වත්කම් නඩුව විභාගයට දින දෙයි…

වීරවංශට එරෙහි අයතා වත්කම් නඩුව විභාගයට දින දෙයි…

රාජපක්ෂ පාලන සමයේ 2009 වසරේ සිට 2014 දක්වා වසර 06ක් අමාත්‍ය ධුරයක් හොබවමින් රුපියල් කෝටි හත හමාරකට අධික අයතා වත්කම් උපයා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසට එරෙහි අල්ලස් දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුවජුනි 17වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (02) නියෝග කර තිබේ.

ඔහු එවකට කටයුතු කළේ නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමති ලෙසය.

මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංස වෙනුවෙන් පෙනීසිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයන්ත වීරසිංහ රෝගී තත්වයෙන් පසුවනබව පවසමින් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය කල් තැබීමට නියෝග කර ඇත.

2009 ජනවාරි මස 01 සිට 2014 දෙසැම්බර් මස 31 අතර කාලය තුළදී සිය නීත්‍යනුකූල වත්කම් හා ලැබීම්වලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017කමුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ, අල්ලස්වලින් බවත් අධිචෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn