නොරොච්චෝලේ කරච්චලේ යළිත්

නොරොච්චෝලේ කරච්චලේ යළිත්

අලුත්වැඩියා කර ඊයේ (31) නැවත සක්‍රීය කළ නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවත අක්‍රිය වී ඇතැයි වාර්තා වේ.

මෙම යන්ත්‍රය මීට සති කීපයකට පෙර අක්‍රීයවීම නිසා අලුත්වැඩියා කර පසුව ඊයේ නැවත ක්‍රියාත්මක කළද අද (01) පෙරවරුවේ නැවත කාර්මික දෝෂයකට ලක්ව අක්‍රීය වී ඇත.

මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට නැවත මෙගාවොට් 270ක විදුලිය ප්‍රමාණයක් අහිමි වී තිබේ.

එය එසේ වුවද විදුලිය විසන්ධි කිරීම අවශ්‍ය නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මීට සුළු මොහොතකය පෙර පැවසීය.

නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරය විදුලි බල පද්ධතියට එක්කිරිමේ සිට මේ දක්වා දීර්ඝ කාලයක සිට වරින් වර වසරකදි වැඩි වාරගණනක් අක්‍රීය තත්වයට පත්වීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn