ආණ්ඩුව සමෘද්ධියෙන් ගත් බිලියන 47ට මොකද වුණේ?

ආණ්ඩුව සමෘද්ධියෙන් ගත් බිලියන 47ට මොකද වුණේ?

කොවිඩ් සහනාධාරවලට යැයි කියා ආණ්ඩුව සමෘද්ධි අරමුදලින් රුපියල් බිලියන 47ක් ලබාගෙන එය නැවත ප්‍රතිපූර්ණය කර නොමැති බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ අනාවරණය කරයි.

විශේෂයෙන්ම මෙම මුදල් ලබාගෙන අදාළ මුදල් සමෘද්ධි ගිණුමට බැර නොකිරීම නිසා එම බැංකු පද්ධතිය අනතුරට පත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ජනතාවට යම් සහන සැලසීම සම්බන්ධව තම සංගමය විරුද්ධ නොවුණත් මෙම මුදල් අනීතික ලෙස ලබාගත් නිසා එම බැංකු පද්ධතියම බරපතළ කඩාවැටීමකට ලක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙම රුපියල් බිලියන 47ක මුදල ගත් නමුත් එය ප්‍රතිපූර්ණ කිරීමට අයවැයෙන් හෝ කිසිදු ආකාරයකින් යෝජනාවක් ඉදිරිපත් කර නොමැති අතර ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව සමෘද්ධි සහනාධාර හිමි අයට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවකයන්ට ලබාදුන් අතර මෙමඟින් අර්බුදයට ලක් වී තිබෙන්නේ සමෘද්ධි බැංකු පද්ධතිය බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn