බොරතෙල් මිල ඩොලර් 10කින් ඉහළට

බොරතෙල් මිල ඩොලර් 10කින් ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අනපේක්‍ෂිත ලෙස ඩොලර් 10කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතිය දක්වා බොරතෙල් බැරලයක මිල ඩොලර් 81ත් 83ත් අතර මිලක පැවතියද මේ වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 91ක් දක්වා ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

බොරතෙල් මිල මෙම මස වනවිට තව දුරටත් අඩු වේ යැයි බලාපොරොත්තු වුවද මිල ඉහළ යෑමෙන් ආර්ථික අර්බුදයන්ට පත්ව සිටින රටවල් තව දුරටත් අපහසුතාවට පත්වනු ඇත.

Facebook
Twitter
LinkedIn