පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් ගල් පෙරළීම් සහ පස්කඳු කඩාවැටීමේ අවදානමක් මතුව ඇති බැවින් ඇල්ල සිට නමුණුකුල හරහා පස්සර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, නමුණුකුල ප්‍රදේශයේ මේ වනවිට තද වැසි සහිත තත්වයක් වාර්තාවන බවය.
ඒ හේතුවෙන් විකල්ප මාර්ගය ලෙස බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගය භාවිත කළ හැකි බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දෙයි.
2









