කෝටි 51,000ක ණය ගැනීමට කෝටි 3,570ක් සේවා ගාස්තු ගෙවීමේ කැබිනට් පත්‍රිකාවක් ගම්මන්පිලගෙන්

කෝටි 51,000ක ණය ගැනීමට කෝටි 3,570ක් සේවා ගාස්තු ගෙවීමේ කැබිනට් පත්‍රිකාවක් ගම්මන්පිලගෙන්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් කෝටි 250ක (රුපියල් කෝටි 51,000ක් පමණ) විදේශ ණය ගැනීම සඳහා ණය සම්පාදන ගාස්තු හා වෙනත් ගාස්තු වශයෙන් රුපියල් කෝටි 3,570ක් පමණ ගෙවීම සඳහා අනුමැතිය ඉල්ලමින් ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

අගෝස්තු 24 දින රහස්‍ය සංදේශයක් වශයෙන් මෙය ඉදිරිපත් කර ඇති අතර වසර 2 ක ආපසු ගෙවීමේ සහන කාලයක් සහිතව 3%ක වාර්ෂික පොලිය මත වසර 12කදී ආපසු ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇත.

මෙම විදේශ ණය මුදල සැපයුම්කරුවන් 5 දෙනෙකු මගින් ලබා ගන්නා අතර එහි දේශීය අතරමැදියා වශයෙන් කන්සෙප්ට් ග්ලෝබල් ආයතනය ක්‍රියාකරන බව දැක්වේ. එම අතරමැදි ගාස්තු සහ වෙනත් ගාස්තු වශයෙන් ණය මුදලින් 7%ක් ගෙවිය යුතුය. මේ අනුව දළ වශයෙන් ණය මුදල ලෙසින් ලැබෙනුයේ රුපියල් කෝටි 46,600කට ආසන්න මුදලකි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාව අනුව එම සංස්ථාව සතු වත්කම් ප්‍රමාණයේ ශුද්ධ අගය ඍණ රුපියල් මිලියන 293,213 ක් බව සඳහන් ය. එම වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා එක්කර තිබෙන නිරීක්ෂණවලින් මේ බව හෙළිවේ. මෙසේ ඍණ වත්කම් කෝටි 30,000කට ආසන්නවී තිබියදී තවත් රුපියල් කෝටි 51,000ක් වූ විදේශ ණය ප්‍රමාණයක් ලබාගැනීමට කටයුතු කෙරෙමින් පවතී.

කැබිනට් පත්‍රිකාව

ඛනිජ තෙල් සංස්ථාවේ වාර්ෂික වාර්තාව

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්