අද (05) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාව අනුව මෙරටදී මේ වනවිට සමස්ත පුද්ගල මරණ 10,000 ඉක්මවාගොස් තිබේ. ඒ ඊයේ සිදුවඇති මරණ 189ද සමගය.
ඒ අනුව කාන්තාවන් 93 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 96 දෙනෙකු මෙලෙස ඊයේ මරණයට පත්ව ඇත.
ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 10,140ක් දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 57 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 10වන ස්ථානයේය.
0











