කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය සහ ඡන්ද විමසීම ලබන අගෝස්තු 06 වනදා පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
එම පනත පිළිබඳව පසුගිය 08 වනදාද විවාදයක් පැවති අතර එදිනම ඡන්ද විමසීමටද නියමිතව තිබූ නමුත් ඒ වනවිටත් රට තුළ මෙම පනතට එරෙහිව පැන නැග තිබූ විරෝධතා හේතුවෙන් එහි ඡන්ද විමසීම අගෝස්තු මාසය දක්වා කල් තබන ලදී.
නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන මෙම කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් මේ වනවිටත් ගුරු, විදුහල්පති, ශිෂ්‍ය, දෙමාපිය සහ වෙනත් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ රැසකගේ සහභාගිත්වයෙන් රට පුරා විරෝධතා පැවැත්වෙමින් තිබේ.
1










