කොතලාවල විශ්වවිද්‍යාල පනත මෙරට විශ්වවිද්‍යාල පද්ධතියටම කොතෙකුත් දුරට හානිදායක බලපෑමක් සිදු කරන්නේද යන්න පිළිබඳව රාජකීය පණ්ඩිත දොඩම්පහල රාහුල හිමියන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඊයේ (18) තනමල්විල මෝදාගම පැවති උත්සවයකදී පහදා දුන්නේය.
ඒ මෙරට ගුරුවරු වර්ජනයක නිරතවන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසා දමන්නැයි බලකමින් බවත් ඒ මෝඩක අවස්ථාවාදීන්ගේ වැඩක් බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පැවසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමිණි.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය උඩුවේ දම්මාලෝක හිමි “දැන් මේ දවස්වල අර ගුරුවරු, මොන අපරාධයක්ද මහපොළව උහුලන්නැති අපරාධයක් මේ කරන්න හදන්නේ. මං දන්නැහැ. සමහර දේශපාලනඥයොද සමහර දේශපාලන පක්ෂකද කවුද කියලා. මේ ගුරුවරුන්ව මෙහෙයවනවා. අපේ රටේ ඉතාම ඉහළම ආයතනයක් තමයි කොතලාවල ආරක්ෂක පීඨය. මේක වහන්න කියලා. මොන අපරාධයක්ද. දැන් පහුගිය දවස්වල ස්ට්‍රයික් කරල කරලා කලබල කරල කරල අර නෙවිල් ප්‍රනාන්දු විශ්වවිද්‍යාලය නැති කළා. ලෝකෙ අනික් රටවල, බංගලාදේශයට පවා අපි ණය වෙන්න හේතුව ඇයි. බංගලාදේශයෙත් විශ්වවිද්‍යාල පටන් අරන්. අපේ ළමයි ගිහින් බංගලාදේශේ විශ්වවිද්‍යාලවලට කෝටි ගණන් ගෙවලා ඉගෙන ගන්නවා. අපේ රටේ අමේ අධ්‍යාපනය පුළුල්වෙන්න සමහර අවස්ථාවාදී, මෝඩ දන්නැති දේශපාලනඥයෝ තමන්ගේ වාසි වෙනුවෙන් ඒව විනාශ කරනවා. ඒ නිසා මේ කොතලාවල ආරක්ෂක පීටය විනාශ කරන්න කියලා තමයි දැන් ඔය ගුරුවරුන්ව ස්ට්‍රයික් එකකට මෙහෙයවල තියෙන්නේ. මොන අපරාධයක්ද.”
එයට ප්‍රතිචාර දැක්වූ රාජකීය පණ්ඩිත දොඩම්පහල රාහුල හිමියන් “කොතලාවල අපේ විශ්වවිද්‍යාලය පනතක් ගේනවා. ඒ පනත ගෙනාවොත් ඒක සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම බලපානවා. ඒ බලපෑමෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? එතන ඒගොල්ලො හදනවා යම්කිසි බල සභාවක්. ඒ සභාවෙන් තමයි සමස්ත විශ්වවිද්‍යාලයම පරිපාලනය වෙන්නේ. එතකොට අපේ UGC එකේ බලය නැතිවෙනවා. ඒ UGC එකේ බලය නැතිවුනොත් එහෙම ඕනෑම කෙනෙකුට සියලුම විශ්වවිද්‍යාල පද්ධතියම ප්‍රයිවට් විශ්වවිද්‍යාල බවට පත්කරගන්න පුළුවන්. අන්න ඒ දැක්ම දැකලා ඒ වචන කිහිපය වෙනස් කරල දෙන්න කියලා මුළු සමස්ත අනාගතය වෙනුවෙන්ම මගේ නායක හාමුදුරුවෝ සඳහන් කළා වගේ ඉල්ලීමක් කරනවා.”










