මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කරන්නේ ලබන නොවැම්බර් මාසයේදී අදාල විභාග පැවැත්වීමට තීරණය කර ඇති බවය.
ඒ අනුව ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 සිට දෙසැම්බර් 10 වන දින දක්වාත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දිනත් පැවැත්වීමට සැලසුම්කර ඇතැයි අධ්‍යාපන ඇමති සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
0









