තවත් සිරකරුවන් පිරිසක් ආහාර වර්ජනයක…

තවත් සිරකරුවන් පිරිසක් ආහාර වර්ජනයක…

තමන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කර දෙන ලෙස ඉල්ලමින් මරණීය දණ්ඩනය සඳහා නියම වූ මහර බන්ධනාගාරයේ සිරකරුවන් ඊයේ (24) ආරම්භ කළ ආහාර වර්ජනය සඳහා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ද එක්වී සිටී.

ඒ අනුව, රැඳවියන්ගේ මෙම ඉල්ලීම් සම්බන්ධව අධිකරණ අමාත්‍යවරයා සහ අධිකරණ රාජ්‍ය අමාත්‍යවරයා සමග මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම රැඳවියන්⁣ වෙනුවෙන් ඉක්මනින් පිළිතුරක් ලබා දෙන බව වර්ජනයේ නිරතව සිටින රැඳවියන්ට දැනුම් දුන් බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්