කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අද (25) පෙරවරුවේ නැගෙනහිර ඈත මුහුදේ ගිනිගැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480ක් ඈතින් මුහුදේ ගිනිගැනීමකට ලක්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.
ලයිබීරියාවේ ලියාපදිංචි එම්.එස්.සී. හසීනා නැමැති මෙම නෞකාව කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් පමණ දුරින් ගිනිගෙන ඇති බවත් මෙම නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
0











