මිහින්තලේ ටෙලියක් රූගත කරන්න ගිය 11කට කොරෝනා

මිහින්තලේ ටෙලියක් රූගත කරන්න ගිය 11කට කොරෝනා

ටෙලි නාට්‍යයක රූගත කිරීමට ගොස් මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පෞද්ගලික නිවාඩු නිකේතනයක ලැඟුම් ගෙන සිටි ටෙලි නාට්‍ය කණ්ඩායමක එකොළොස් දෙනකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මිට දින කීපයකට පමණ පෙර රිවර්ස්ටන් ප්‍රදේශයේ රූ ගතකිරීම් සිදු කර පසුව මිහින්තලේ රූ ගත කිරීම්වලට පැමිණ ඇති ටෙලි නාට්‍ය කණ්ඩායම පවත්නා කොවිඩ් තත්වය හේතුවෙන් අදාළ රූ ගත කිරීම් සිදු කිරීමට නොහැකිව නැවත කොළඹ බලා පිටත්වීමට තීරණය කර තිබේ. පසුව කොළඹට පැමිණීමට පෙර ඔවුන් පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණ සිදු කර ගෙන ඇත.

ඒ අනුව ඔවුන්ගෙන් එකොළොස් දෙනකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්