“2011 ලෝක කුසලාන අවසන් තරගය ගැන දුකයි. අපි මිස්ටේක් ගොඩක් කලා. කරන්න ඕනි නැති දේවල් කලා. ගහන්න ඕනි නැති 11ක් සෙල්ලම් කලේ. අපිට 2011 ගන්න බැරි වුන දෙය මටත් වගේ මගේ රටේ ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවෙදි කරන්න බලාපොරොත්තුවෙන් අපි ඉන්නේ.මගේ ආබාධ පසුගිය තරගයෙදි පොඩ්ඩක් දරුණු වුණා.ඉන්ජෙක්ෂන් දෙකක් හරි ගහගෙන අවසන් තරගය සෙල්ලම් කරන්න මම බලාපොරොත්තු වෙනවා.”
- තිලකරත්න දිල්ශාන් –
“මගේ ආබාධ පසුගිය තරගයෙදි පොඩ්ඩක් දරුණු වුණා. ඉන්ජෙක්ෂන් දෙකක් හරි ගහගෙන අවසන් තරගය සෙල්ලම් කරන්න මම බලාපොරොත්තු වෙනවා.”
මේ තමයි තිලකරත්න දිල්ශාන්…!
මේ වගේ මොරාල් එකක් තියෙන දිනන්න රට දිනවන්න ඇම්මක් තියෙන ක්‍රීඩකයින් දැන් නැති එක ගැන පට්ට තරහයි.
හිටපු ඉන්දීය නායකයෙක් උන සුනිල් ගවස්කාර් අපූරු කතාවක් කියනවා.
“ක්‍රීඩකයින් තෝරද්දි අපි දැන් හොයන්නේ දක්ෂ ක්‍රීඩකයින් නොවේ… අපිට අවශ්‍ය තරග දිනවිය හැකි ක්‍රීඩකයින්…” ඉතිං ඔහු කිව්වත් වගේ ඉන්දියාව නිමා වුන එංගලන්ත විස්සයි විස්ස තරගාවලියත් දිනලා ඒ බව දවසින් දවස තරගයෙන් තරගය ඔප්පු කරනවා.
අර්ජුන රණතුංගත් කියව්වා එදා 96 ලෝක කුසලානයට අපි අරන් ගියේ හොදම සංචිතය නෙමෙයි දිනන්න ඕනකමක් තියෙන කට්ටියක් විතරයි කියලා.
අද අපේ ක්‍රිකට් වල නැත්තෙත් ඒක…
දිල්ශාන්ලා වගේ අය හැදුනොත් අපේ එදා තිබුන ක්‍රිකට් කාලෙන් කාලෙට පායන වසන්තය වගේ නොවී තව කාලයක් අපේ ක්‍රිකට් ගැන මිනිස්සු කතා කරයි.එහෙම නැති වුනොත් මේ වගේම දිල්ශාන්ලගේ සොදුරු මතකයන් පමණක් ඉතිරි වෙලා මේ රටේ ක්‍රිකට් වල පල්ලටම යයි.
©️ Rishie Bro










