අතුරුදහන් දරුවා ගෙදර ඇවිත්

අතුරුදහන් දරුවා ගෙදර ඇවිත්

පසුගිය බ්‍රහස්පතින්දා රත්මලාන ප්‍රදේශයේදී අතුරුදහන් වූ 16 හැවිරිදි දරුවා ඊයේ රාත්‍රී (20) සිය නිවසට පැමිණ ඇතැයි වාර්තා වේ.
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි තම දරුවා රත්මලාන ප්‍රදේශයේදී අතුරුදහන් වී ඇතැයි ඔහුගේ මව විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔහු සොයාගැනීම සඳහා පොලිස් කන්ඩායම් හතරක් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසිය.
ඊයේ රාත්‍රී තම දරුවා නිරුපද්‍රිතව යලි නිවසට පැමිණි බව පවසන දරුවාගේ මව ඔහුව සොයාගැනීම සඳහා සහාය දුන් පොලිසිය ඇතුලු සැමට ස්තූතිය පුද කරයි.

Facebook
Twitter
LinkedIn