2021 වසරේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල දර්ශකය ඊයේ (19) ප්‍රකාශයට පත්කර තිබේ. එහි පළමු ස්ථානය ෆින්ලන්තයටත්, දෙවන ස්ථානය ඩෙන්මාර්කයටත් තෙවන ස්ථානය ස්විට්සර්ලන්තය හිමිව තිබේ. එම දර්ශකයේ ශ්‍රී ලංකාවට 129 වන ස්ථානය හිමිව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් මෙම World Happiness Report එළිදක්වනු ලබන්නේ ලොවපුර සියලුම මහද්වීපවලට පිහිටි රටවල් 149ක් යොදා ගනිමිනි. පිටු 212 කින් යුතුව මේ වසරේ එළිදකින්නේ මෙම වාර්තාවේ වාර්තාවේ 9 වැනි සංස්කරණයයි. මේ වසරේදී වැඩි අවධානයක් කෝවිඩ් වසංගත තත්වය හමුවේ එක් එක් රටවල ජනතාවට ඊට මුහුණ දී ඇති ආකාරයත් එම රටවැසින්ගේ මානසික සතුට කෙරෙහිත් යොමු කර තිබේ.
මෙම දර්ශකයට අනුව අයිස්ලන්තය සහ නෙදර්ලන්තය පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි තැනටත් පත්ව ඇති අතර එතැන් සිටි පිළිවෙලින් නෝර්වේ, ස්වීඩනය, ලක්සම්බර්ග්, නවසීලන්තය හා ඔස්ට්‍රියාව එහි වඩාත්ම සතුටින් සිටින ජනතාවක් වෙසෙන රටවල් දහය බවට පත්ව තිබේ. ධනවාදයේ ඉහළම රාජ්‍ය වන එක්සත් ජනපදය මෙම දර්ශකයේ 19 වන ස්ථානයේත් චීනය 84 වන ස්ථානයේත් සිටී.
එම දර්ශකයේ ආසියානු කලපයේ අනෙකුත් රටවල් වන නේපාලය 87 වන ස්ථානයත්, බංග්ලාදේශය 101 වන ස්ථානයත්, පාකිස්තානය 105 වන ස්ථානයත්, ඉන්දියාව 139 වන ස්ථානයේත් රැඳී සිටී. යුද්ධයෙන් විනාශ වූ ඇෆ්ගනිස්ථානයේ ජනතාව ඔවුන්ගේ ජීවිත ගැන වඩාත්ම අසතුටින් සිටින රාජ්‍යය ලෙස එම දර්ශකයේ අවසන් ස්ථානය එනම් 149 ස්ථානයට පත්ව තිබේ. දිළිඳුකම, වර්ගික යුද්ධ, අසාර්ථක පාලනයන්ට ගොදුරු වී සිටින අප්‍රිකානු කලාපයේ රාජ්‍යයන් එම දර්ශකයේ අවසන් ස්ථාන ලෙස පිළිවෙලින් සිම්බාබ්වේ (148), රුවන්ඩාව (147), බොට්ස්වානා (146) සහ ලෙසෝතෝ (145) පසුවෙති. අසතුටුම රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ දර්ශකයේ අග සිට රටවල් 149ක් අතුරින් 129 වන ස්ථානයයි. එනම් 20 වැනි තැනය.
එම දර්ශකයට අනුව රටවල් ලැයිස්තුගත කර තිබූ වාර්තාව පහතින්…













