ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි…

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි…

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස් වී තිබේ.

කොමිසමේ සාමාජිකයකු ලෙස පත්වූ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ ඉන් ඉල්ලා අස්වී ඇත. ඔහු ඉල්ලා අස්වීමේ හේතුව මෙතෙක් හෙළිදරව් වී නැත. එහි පුරප්පාඩුව සඳහා නව සාමාජිකයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා ඒ සඳහා පත්කර ඇත.

මෙම කොමිසමට එරෙහිව පසුගිය 18 වනදා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින් කොළඹදී විරෝධතා රැලියක්ද පවත්වන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්