රාජ්‍ය ආයතනවල තනතුරුවලින් 15%ක් කාන්තාවන්ට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට අනුව ශ්‍රී ලංකා පොලීසිය තුළ තනතුරුවලින් 15%ක් කාන්තා නිළධාරීනියන් සඳහා වෙන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව 2019 වසරේදි කාන්තා නිළධාරිනියන් සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරක්, නියෝජ්‍ය පොලිස්පති තනතුරු 04ක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරු 12ක් අලුතින් ඇති කිරිමට යෝජනාවලියක් පොලිස් මූලස්ථානය විසින් ඉදිරිපත් කර ඇතැයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
කාන්තා නිළධාරිනියන්ගේ වෘත්තිය අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට මේ දිනවල පැතිර යන ප්‍රවෘත්තිවලට පිලිතුරක් ලෙස ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්වූ බිම්ෂානි ජාසිංහආරච්චිගේ පත්වීමට එරෙහිව පොලිස් නීති අංශයේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුලු 30 දෙනෙකුට අධික කණ්ඩායමක් විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇත.










