අපේ අය IPL තේරුණේ නැති හේතුව මහේල – සංගා කියයි

අපේ අය IPL තේරුණේ නැති හේතුව මහේල – සංගා කියයි

ඊයේ (18) පැවති IPL 2021 තරඟවාරය සඳහා ක්‍රිඩකයන් තොරාගන්නා වෙන්දේසියේදී කිසිදු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු මිලදී ගැනිමට කන්ඩායම් හිමිකරුවන් උනන්දු නොවීම විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීමක් විය. ඉතා මෑතකදි පැවති ලංකා ප්‍රිමියර් ලිග් (LPL) තරඟාවලියෙදි දක්ෂතා දැක්වූ ක්‍රිඩකයන් 09 දෙනෙක් අවසන් වෙන්දේසියට ඉදිරිපත් කර තිබුනද ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු ලාංකීය ක්‍රිඩකයෙකු තොරා නොගැනීම ශ්‍රී ලාංකිය ක්‍රිඩා ලෝලීන් හට කණගාටුදායක පුවතක් විය.

මේ පිලිබඳව කම්පා වන්නන් අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරද සිටියි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පවසන පරිදි ලාංකිය ක්‍රිඩකයන් මෙවර IPL තරඟාවලියට තොරා නොගැනීමට හේතුව ඔවුන්ගේ අදක්ෂතාවය නෙවේ.

කුමාර සංගක්කාර පවසන පරිදි IPL කණ්ඩායම් හිමිකරුවන් විසින් ලාංකිය ක්‍රීඩකයන් තෝරා නොගැනිමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ජාතික පිලේ ඉදිරි තරඟ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු නිශ්චිත තරඟ කාලසටහනක් නොමැති වීමයි.

“ක්‍රිඩකයන්ව IPL තරඟ සඳහා යොදා ගැනීමට, කොපමන තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කිරිමට හැකි දැයි නිශ්චිතව දැන ගැනීමට එම ක්‍රීඩකයා නියෝජනය කරන රටේ ජාතික කන්ඩායමේ ඉදිරි තරඟ කාල සටහන වැදගත්” කුමාර සංගක්කාර පවසයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් සහභාගී වූ එහි ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන පවසන්නේ මෙවර වෙන්දේසියෙදි වැඩි අවධානය යොමුවුයේ වේග පන්දුයවන්නන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන්ට බවයි.

“වෙන්දේසියෙදි විදේශිය ක්‍රිඩකයන් 20 පමණ තමයි අවස්ථාව තිබ්බේ. ඒ අවස්ථාවන් වැඩියෙන් ලබා ගත්තේ වේග පන්දු යවන්නන් සහ ඕල් රවුන්ඩර්ස්ලා.” මහේල ජයවර්ධන වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්