මිනුවන්ගොඩ අධිකරණයේ 18ක් නිරෝධායනයට

මිනුවන්ගොඩ අධිකරණයේ 18ක් නිරෝධායනයට

මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි අයෙකු කොවිඩ් – 19 ආසාධිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව අධිකරණ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට යොමු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එම 18 දෙනාව ලබන 23 වෙනිදාට PCR පරීක්ෂණ සදහා යොමු කරන බවත් එම ප්‍රතිඵල මත දෙවන පෙළ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට යොමු කිරීමට කටයුතු කරන බවත් මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්