මෙරට කොවිඩ් – 19 ආසාදිතයින්ගේ ගනන ඊයේ වනවිට 54,419ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ඒ ඊයේ (19) දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 669 දෙනාද සමගය.
එම ආසාදිතයින් අතරින් 660ක්ම වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.
අනෙක් ආසාදිතයන් 09 දෙනා වාර්තා වන්නේ විදේශයන්හි සිට පැමිණි පිරිසක් ලෙසය. ඒ අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 08ක් සහ පෝලන්තයේ සිට පැමිණි එක් අයෙක් වාර්තා වී තිබේ.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 50,561ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 7,552 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබති.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 273කි.
0













