පාදෙණිය නිරෝධයනය කරන්න ගිය PHIට දඬුවම් කරනවා – GMOAත් චරිත දෙකක් රඟන්න සැරසෙයි

පාදෙණිය නිරෝධයනය කරන්න ගිය PHIට දඬුවම් කරනවා – GMOAත් චරිත දෙකක් රඟන්න සැරසෙයි

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගිවූ වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හෙළිවීමෙන් පසු වෛද්‍ය පාදෙණියව නිරෝධයනයට ලක් කිරිමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවත් ඔහුට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යංශය හරහා විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් දෙමින් පැවසුයේ කොරෝනා ආසාදිතයන් නිරෝධායනයට යොමු කිරීමේදි ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළයුතු බව තම සංගමය විශ්වාස කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කල සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධානියෙක් පැවසුයේ පසුගිය කාලය පුරාවටම කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රීතයන්ගේ ආගම, ජාතිකත්වය වැනි අතිශය සංවේදි කාරාණාද උලුප්පා දක්වමින් සිදුකල පිලිකුල් සහගත මාධ්‍ය ක්‍රියාවලිය හමුවේ එක වදනක් නොදෙඩු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය “නින්දෙන් අවදි වූවා සේ” හැසිරෙන්නේ සැබෑ ලෙසම ආසාදිතයන්ගේ පෞද්ගලිකත්වය සුරැකීමටද නොඑසේනම් තම සංගමයේ සභාපතිවරයා විසින් නිරෝධායන නීති ද නොතකා “පාටි දමා” පසුව නිරෝධායනය නොවී සැඟවී සිටීමට ගත් උත්සාහය හෙළිවීමෙන් සිදුවූ අපකීර්තිය මකා ගැනීමට දැයි සොයා බැලිය යුතු බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්