නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වි ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.
විභාග සදහා කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගෙන නිරෝධායනයට ලක්කර සිටි සිසුන් දෙදෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා සිදුකළ රැපිට් ඇන්ටිජන් හා PCR පරික්ෂණවලදි මෙම අසාදිතයන් හදුනාගත් බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම් කොස්තා පවසයි.
මේ හේතුවෙන් විභාගවලට පැමිණි නේවාසිකව සිටින සිසුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයි ඔහු පවසයි.
0










